රජයේ පාසල් නැවත ආරම්භ කිරීමට අදාළ චක්‍රලේඛය අද

ආපදා නිසා වසා දැමූ රජයේ පාසල් නැවත ආරම්භ කරන ක්‍රමවේදයට අදාළ චක්‍රලේඛය අද දිනයේ - අධ්‍යාපන අමාත්‍යාංශය

by Staff writer 09-12-2025 | 7:31 AM

COLOMBO (News 1st) -  පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ රජයේ පාසල් නැවත ආරම්භ කරන ක්‍රමවේදයට අදාල චක්‍රලේඛය අද දිනයේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක මහතා පවසයි.

ඒ යටතේ පළාත් මට්ටමින් පාසල් ආරම්භ කිරිමට පියවර ගනිමින් සිටින බව ලේකම්වරයා පැවසුවේ ය.

ලබන 16 වැනිදා පාසල් ආරම්භ කිරීමට නියමිත බවද බවද ලේකම්වරයා ප්‍රකාශ කරන ලදි.

මේ අතර අපොස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් සියල්ල ජනවාරි මසයේදී පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ පවසයි.

ආපදාවන්ට ලක්වූ ප්‍රදේශවල විභාගයට පෙනී සිටිය යුතු ළමන් පිළිබඳ නිසි තොරතුරු මෙතෙක් ලැබි නැති බව ඇය සඳහන් කළා ය.

ළමුන් විභාග මධ්‍යස්ථාන වලට යොමු කිරිමට ඔවුන්ගේ තොරතුරු අවශ්‍ය බවද ඇය ප්‍රකාශ කරන ලදි.