නාවික හමුදාවේ 2086 දෙනෙකුට උසස්විම්

නාවික හමුදාවේ 2086 දෙනෙකුට උසස්විම්

by Staff writer 09-12-2025 | 3:43 PM

COLOMBO (News 1st) - නාවික හමුදා සමාජිකයින් 2086 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ.

ඒ, අදට යෙදී ඇති නාවික හමුදා 75 වැනි සංවත්සරය වෙනුවෙන් ය.

නාවික හමුදාව සඳහන් කළේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ නිර්දේශ මත නිලධාරීන් 17 දෙනෙකු ඊළඟ නිලය වෙත උසස්විම් ලබාදී ඇති බවයි.

මීට අමතරව, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2069 දෙනෙකු ද ඊළඟ නිළයට උසස් කර තිබේ.