.webp)

COLOMBO (News 1st) - පානදුර ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
එලෙස ඝාතනය කර ඇත්තේ, 29 හැවිරිදි තුඩැල්ල, කඹුරුගමුව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මුදල් ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
පොලීසිය පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 54 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩගුවට ඇති බවය.
ඊයේ රාත්රී පානදුර දකුණ, වලාන පාර ප්රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇත.
