පාසල් කිහිපයක අධ්‍යයන කටයුතු ලබන 16 වැනිදා සිට

පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරිමක්.

by Staff writer 09-12-2025 | 5:13 PM

COLOMBO (News 1st) - බස්නාහිර,දකුණ,උතුර,සබරගමුව,නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල සියලු පාසල් ලබන 16 වැනිදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේය.

පාසල් අධ්‍යාපන කටයුතු හා විභාග කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි කළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව  මහතා සදහන් කළේ ඌව පළාතේ පාසල් 26 ක්,වයඹ පළාතේ පාසල් 06 ක් සහ මධ්‍යම පළාතේ පාසල් 115ක් තවදුරටත් වසා තැබීමට තිරණය කර ඇති බවයි.