ආපදාවෙන් ජල සම්පාදන මණ්ඩලයට රු.බිලියන 05ක අලාභයක්

පැවති ආපදා හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට සිදුව ඇති අලාභය රුපියල් බිලියන 05ක් - අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ

by Staff writer 09-12-2025 | 6:42 AM

COLOMBO (News 1st) -  පැවැති ආපදා හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට රුපියල් බිලියන 05ක පාඩුවක් සිදුව ඇතැයි නිවාස ,ඉදිකිරිම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ මේ වන විට හානියට පත් වූ ජල සැපයුම්වලින් 90% යථා තත්ත්වයට පත් කර ඇති බවයි.