සහස්පුර වෙඩි තැබීමෙන් තුවාල ලැබු එක් අයෙකු මරුට

බොරැල්ල, සහස්පුර වෙඩි තැබීමෙන් තුවාල ලැබු එක් අයෙකු මරුට

by Staff writer 08-08-2025 | 6:56 AM

COLOMBO (News 1st) –

බොරැල්ල සහස්පුර ප්‍රදේශයේ වෙිඩි තැබීමෙන් තුවාල ලැබු එක් අයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබු 04 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

මියගොස් ඇත්තේ 23 හැවිරිදි කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙිඩි තැබීම ඩුබායිහි සැගවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අතර කලක සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් මත සිදුව ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි.

බොරැල්ල සහස්පුර ප්‍රදේශයේ ඊයේ(07) රාත්‍රි සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලැබීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ, ක්‍රීඩාංගනයක සිටි පිරිසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇති බවයි.

T56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර සැකකරුවන්, වෙඩි ප්‍රහාර 20 ක් පමණ එල්ල කර ඇතැයි පොලීසිය සදහන් කළේ ය.