එඩී ජෝන්ස්ගෙන් පුහුණු සැසියක්

ඕස්ට්‍රේලියා රග්බි කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු එඩී ජෝන්ස්ගෙන් මෙරට රග්බි පුහුණුකරුවන්ට පුහුණු සැසියක්

by Staff writer 03-03-2026 | 9:24 PM

COLOMBO (News 1st) - ඕස්ට්‍රේලියා රග්බි කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු එඩී ජෝන්ස් මෙරට රග්බි පුහුණුකරුවන් වෙනුවෙන් පුහුණු සැසියක් පවත්වන බවට වාර්තා වේ.

ශ්‍රී ලංකා රග්බි ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම පුහුණු වැඩසහන ලබන 9 වැනිදා කොළඹ සී.ආර් ඇන්ඩ් එෆ්.සී ක්‍රීඩාංගණයේදී පවත්වන බවය.

මෙම පුහුණු වැඩසටහනට පාසල් සහ ක්‍රීඩා සමාජවල පුහුණුකරුවන් 36 දෙනෙකු සහභාගී වේ.

66 හැවිරිදි එඩී ජෝන්ස් එංගලන්ත සහ ජපාන රග්බි කණ්ඩායම්වල ද පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.