ඉරානය සමග සටන් විරාම ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා සූදානම් - ට්‍රම්ප්

by Staff writer 24-05-2026 | 12:09 PM

COLOMBO (News 1st) - ඉරානය සමග සටන් විරාම ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා සූදානම් බව, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඒ සිය ටෘත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින්.

ඔහු පැවසුවේ ඉරානය සමග පවතින සාකච්ඡා මේ වන විට අවසන් අදියරේ පවතින බවයි.

සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය , කටාර්, පාකිස්ථානය, තුර්කිය, ඊජිප්තුව, ජෝර්දානය සහ බහරේන් යන රටවල නායකයන් සමග තමන්  දුරකථන ඇමතුමක් ලබා ගෙන කළාපීය ගැටුම් පිළිබඳව සාකච්ඡා කළ බව ද ඔහු පැවසුවේය.

එම ඇති කර ගැනීමට නියමිත ගිවිසුම ඇමරිකාව, ඉරාන සහ පෙර සඳහන් කළ රටවල් අතර අවසන් එකඟතාවකට පැමිණීමට යටත් වන බව ද ඔහු සඳහන් කළේ ය.

ගිවිසුමේ මූලික රාමුව මේ වන විට සකසා ඇතත්, අවසාන තීරණ තවමත් සාකච්ඡා මට්ටමේ පවතිනු ඇති.

එමෙන්ම ඉරාන න්‍යෂ්ටික වැඩසටහන වැනි ප්‍රධාන ගැටලු ඉදිරි දින 30 ත් 60 ත් අතර කාලය තුළ වැඩිදුර සාකච්ඡා මගින් විසඳා ගැනීමට දෙපාර්ශවය අපේක්ෂා කරන බව ද ඇමරිකානු ජනාධිපතිවරයා පැවසුවේය.