.webp)
-616775.jpg)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ධවල මන්දිර සංකීර්ණයෙන් පිටත 17 වැනි වීදිය සහ පෙන්සිල්වේනියා මාවත අසල එම වෙඩි තැබීම සිදු ව ඇති බවයි.
සැකකරු විසින් ධවල මන්දිරයේ ආරක්ෂාවෙහි නියුතු රහස් ඔත්තු සේවා නිලධාරීන් සිටි ආරක්ෂක කුටියක් ඉලක්ක කරමින් අදාළ වෙඩි තැබීම සිදුකර තිබේ.
එම වෙඩි තැබීමට ප්‍රතිචාර දක්වමින් රහස් ඔත්තු සේවා නිලධාරින්ද වෙඩි තබා තිබිණි.
වෙඩි හුවමාරුවෙන් සැකකරු මියගොස් ඇති අතර ඒ අසල සිටි තවත් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
සිද්ධිය හේතුවෙන් සමග ධවල මන්දිරය වහාම වසා දමා ඒ අවට ආරක්ෂාව තර කර ඇත.
කෙසේ වෙතත් එම වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ නොසිටි බවත් සඳහන්.
