සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්...

ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ උණ රෝගී තත්ත්වය ''මෙනින්ජයිටිස්'' - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 24-05-2026 | 7:37 AM

COLOMBO (News 1st)- දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ උණ රෝගී තත්ත්වය මෙනින්ජයිටිස් බවට හඳුනාගෙන ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ, රෝගය වාර්තා වූ රෝගීන්ගේ සුසුම් තරල පරීක්ෂාවේදී එම රෝගය වාර්තා වූ වැඩි පිරිසක් ළමුන් ලෙස හඳුනාගත් බවයි.

උණ, හිසේ කැක්කුම, වමනය සහ ඔක්කාරය, බෙල්ල ආශ්‍රිත තද ස්වභාවය, හිරු එළියට නිරාවරණය වීමේ අපහසුතා මෙනින්ජයටිස් රෝගයේ, රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ, එම රෝගී තත්ත්වය සමීප ආශ්‍රිතයින් පානය කරන ජලයෙන් සහ ස්පර්ශයෙන් බෝවන බවයි.

මේ වන විට දෙණියාය, දියතලාව, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවලින් රෝගීන් 100 කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන තිබේ.

එමෙන්ම මෙනින්ජයටිස් රෝගය සම්බන්ධයෙන් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බව ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේය.

රෝගය වළක්වා ගැනීම සඳහා උණු කර නිවාගත් ජලය පානය කිරීම, මුව ආවරණ පැළදීම, ජනතාව ඒකරාශි වන ස්ථානවල නොරැදීම, සිදුකළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේ ය.