පැය 24ක් තුළ සාම ගිවිසුම ගැන අවසන් එකඟතාවක්...

පැය 24ක් තුඝ සාම ගිවිසුම ගැන අවසන් එකඟතාවක්...

by Staff writer 24-05-2026 | 2:40 PM

COLOMBO (News 1st) - පැය 24 ක් තුළ සාම ගිවිසුමක් පිළිබඳව අවසන් එකඟතාවයකට එළඹීමට, ඇමරිකාව සහ ඉරානය සූදානම් වේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් කලිබාෆ් , ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ‍් සහ ජනාධිපති ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර් ඇතුලු ප්‍රධාන පෙළේ නියෝජිත පිරිස, අදාළ කෙටුම්පත සකස් කර ඇති බවයි.

එය, අනුමැතිය සඳහා දෙරටේ නායකයින් වෙත යොමුකර තිබේ.

ඒ අනුව අද (24) පස්වරුව වන විට ඒ පිළිබඳව අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉරාන - ඇමරිකා, ඊශ්‍රායල යුද්ධය ආරම්භ වූයේ පසුගිය, පෙබරවාරී 28 වැනිදායි.

අවස්ථා කිහිපයකදී සාම ගිවිසුම් ඇති කරගැනීමට එකඟතාවකට එළඹිය ද, ඒ කිසිවක් සාර්ථකව ක්‍රියාත්මක නොවීය.