මහ වැස්සෙන් පීඩාවට පත් සංඛ්‍යාව 31,000 ඉක්මවයි.

වර්ෂාධික කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව 31,000 ඉක්මවයි.

by Staff writer 24-05-2026 | 4:04 PM

COLOMBO(News1st) - වර්ෂාධික කාලගුණය හේතුවෙන් පවුල් 7983ක, පුද්ගලයින් 31,072 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.

ආරක්ෂිත ස්ථාන 18ක රඳවා ඇති පුද්ගලයින් සංඛයාව, 1724ක්.

නිවාස 859 කට අර්ධ හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

නිවාස දෙකකට පූර්ණ හානි සිදුව තිබේ.