ගල්අඟුරු ගනුදෙනු විමර්ශනයේ සාක්ෂි විභාගය ජූලි මුල.

ගල්අඟුරු ගනුදෙනු විමර්ශන ජනපති කොමිසමට, ප්‍රසම්පාදන කමිටු නිලධාරින්ගෙන් ප්‍රකාශ.

by Staff writer 09-06-2026 | 7:48 AM

COLOMBO(News1st) - ගල් අඟුරු ගනුදෙනු විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම ගල් අඟුරු මිල දී ගැනීම සඳහා වූ ප්‍රසම්පාදන කමිටුවල නිලධාරින්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කර තිබේ.

එම කොමිසම සඳහන් කළේ, ඊයේ(08) දිනයේ ප්‍රසම්පාදන කමිටු නිලධාරින් 04 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි.

මේ වනවිට රාජ්‍ය නිලධාරින් 50 දෙනෙකුගෙන් පමණ කොමිසම ප්‍රකාශ ලබා ගෙන තිබේ.

ගල් අඟුරු ගනු දෙනු විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමට, මේ වනවිට පැමිණිලි 28ක් ලැබී තිබේ.

කොමිසමේ විවෘත සාක්ෂි විභාගය ජුලි මස මුල සතියේ ආරම්භ කිරීමට නියමිතයි.