මා ඔය පාලම මතින් වාහන ගමනා ගමනය සීමා කෙරේ..

ගිරිඋල්ල, මා ඔය පාලම මතින් වාහන ගමනා ගමනය සීමා කෙරේ..

by Staff writer 09-06-2026 | 8:02 AM

COLOMBO(News1st) - ගිරිඋල්ල, මා ඔය පාලම මතින් වාහන ගමනා ගමනය අද(09) උදෑසන 08 සිට සවස 05 දක්වා කාලය තුළ සීමා කර තිබේ.

පොලීසිය පැවසුවේ, දිට්වා සුළිකුණාටුව හේතුවෙන් මා ඔයේ ජල පහරට ගසා ගෙන ආ උණ පදුරුවල මුල් මා ඔය පාලමේ සිරවී ඇති බැවින් ඒවා ඉවත් කිරීම අද(09) සිදුකරන බවයි.

ඒ හේතුවෙන් පාලම මතින් ගමන් ගන්නා සියලු වාහන විකල්ප මාර්ග භාවිත කරන්නැයි රියදුරන්ට දැනුම් දෙයි.