තලවතුගොඩ ගින්නෙන් තිදෙනෙකු මරුට

තලවතුගොඩ ආපන ශාලාවක ඇතිවූ ගින්නෙන් පුද්ගලයින් තිදෙනෙකු මරුට.

by Staff writer 09-06-2026 | 3:50 PM

COLOMBO(News1st) - තලවතුගොඩ ආපන ශාලාවක ඇති වූ ගින්නෙන් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයින් තුන්දෙනා මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, එම ආපන ශාලාවේ සේවය කළ වයස අවුරුදු 35 - 45ත් අතර බදුල්ල, හොරණ සහ දකුණු පළාතේ පදිංචි තුන් දෙනෙකු එලෙස මියගොස් ඇති බවයි.

ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට සැකකෙරෙන බව පොලීසිය සඳහන් කළේ ය.

අද(09) පෙරවරුවේ හටගත් ගින්න පාලනය සඳහා ගිනි නිවීම් රථ තුනක් යොදවා තිබුණි.