.webp)

ඒ, තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30- 40ත් දක්වා වැඩිවිය හැකි බවයි.
කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 - 70ත් දක්වා වැඩි විය හැකි බවද කාලගුණ අණාවැකියේ සඳහන් වේ.
ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද විටින් විට පැයට කිලෝමීටර් 50 - 60 දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ අණාවැකියේ දැක්වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවයි.
එබැවින් මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙයි.
