වන අලි පහරදීමකින් දෙදෙනෙකු මරුට.

පොළොන්නරුව, අත්තනකඩවලදී වන අලි පහරදීමකින් දෙදෙනෙකු මරුට.

by Staff writer 09-06-2026 | 5:24 PM

COLOMBO(News1st) - පො‍ළොන්නරුව, දියබෙදුම, අත්තනකඩවල වන අලි පහරදීමකින් කාන්තාවක  සහ පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 77 හැවිරිදි කාන්තාවක් සහ 62 හැවිරිදි පුද්ගලයෙක්.

පොලීසිය සඳහන් කළේ, අද අලුයම් කාලයේදී වන අලි ගම්වැදී ඇති බවයි.

අද(09) දහවල් කාලයේදී එම වන අලි ගම්මානයෙන් එලවා දමා තිබේ.

එලෙස පළායමින් සිටි වන අලි විසින් එම පහරදීම සිදුකර ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.