.webp)
ඔවුන් පෙන්වා දෙන්නේ, මේ වනවිට පොල් ගෙඩියක මිල රුපියල් 120 කට අධික මිලකට අලෙවි වන බවයි.
එදිනෙදා ආහාර පිළියෙළ කිරීමට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන පොල් මිල ඉහළ යාමෙන් තමන් ගැටලු රැසකට මුහුණ දී ඇති බව ද ඔවුන් පෙන්වා දෙති.
පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් පොල් සංවර්ධන මණ්ඩලයෙන් නිව්ස්ෆස්ට් අප විමසීමක් කළෙමු.
එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මේ දිනවල පොල් අස්වැන්නේ අඩුවක් පවතින බවයි.
පෙබරවාරි අග දක්වා එය පැවතිය හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.
පොල් සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේ, මේ වසරේ පොල් ගෙඩි මිලියන 3300 ක අස්වැන්නක් අපේක්ෂා කරන බවයි.