ඒ, 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400 මිශ්‍ර සහය ධාවන ඉසව්වේ අවසන් තරගයට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම නීති උල්ලංඝණය කිරීමේ වරදට තරගයෙන් ඉවත් කිරීම හේතුවෙනි.
ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400 මිශ්‍ර සහය ධාවන ඉසව්වේ අවසන් තරගය චීනයේ හංග්ජොව්හිදී අද(02) පැවැත්වුණු අතර
එහිදී මිනිත්තු 3යි තත්තර 14යි දශම 2යි 5ක කාලයක් සටහන් කළ ශ්‍රී ලංකාව තරගය අවසන් කළේ දෙවැන්නා ලෙසය.
කෙසේ නමුත්, ධාවන තීරු නීති උල්ලංඝණය කිරීමේ වරදට ශ්‍රී ලංකාව තරගයෙන් ඉවත් කළ බව ක්‍රීඩා උළෙලේ නිල වෙබ් අඩවිය පසුව ප්‍රකාශ කළේ ය.
තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, නදීෂා රාමනායක සහ තරුෂි කරුණාරත්න යි.
ඒ අනුව බහරේනයට රන් පදක්කම හිමි වූ අතර, පිළිවෙලින් ඉන්දියාව සහ කසක්ස්ථානය රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.