සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ 4ක් අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහජනක ඖෂධය ගෙන්වීම: සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ 4ක් අත්අඩංගුවට

by Staff writer 20-11-2023 | 2:21 PM

COLOMBO (News 1st) -  ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් නමැති ප්‍රතිදේහජනක ඖෂධය මෙරටට ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අංශයේ 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂවරයා, සහකාර අධ්‍යක්ෂවරිය, ගණකාධිකාරිවරයා හා තොග පාලකවරයායි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.  

මේ අතර ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි සිද්ධිය සම්බන්ධයෙන් මෙරට සමාගමේ හිමිකරු මේ වනවිටත් පසු වන්නේ, රක්ෂිත බන්ධනාගාරයේයි.

පසුගිය පළමු වැනිදා කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 57 හැවිරිදි සැකකරු රත්දොළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිනිස් රුධිරයෙන් නිපදවන හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි 22,500 ක් ව්‍යාජ ලේඛන සකස් කරමින් ඇනවුම් කර ඇතැයි අනාවරණය විය.