ලොවක් දිනන්නට තරම් හිත් හයිය, රටක් වටින දරුවන් පිරිසක්

by Sagarika Chathumali 07-11-2023 | 4:31 PM

COLOMBO (News 1st) –  වැඩිපුර ලැබෙන වැහි වතුර ටික රට ඇතුළෙ තියා ගන්න නිසි ක්‍රමයක් නැති, මාසයක් දෙකක් වැස්සක් නැති වුණ ගමන්, ආහාර හිඟයන් ගැන කතා කරන, ඉදිකටුවෙ, නූලෙ ඉදන් පිටරටින් ගේන්න තීරණ ගන්න වැඩිහිටියන් ඉන්න රටක ගලෙන්බිඳුණුවැව මධ්‍ය මහා විද්‍යාලයේ දරු දැරින්  රටටම අපූරු ආදර්ශයක් ලබා දී තිබිණ. 

ඒ සාර්ථක  පාසල් කෘෂි ගෙවත්තක් නිර්මාණය  කරමින්. 

සමස්ත පාසල් පද්ධතියට , වගේම  මුළු මහත් රටටම මහත් ආදර්ශයක් වුණු   ගලෙන්බිඳුණුවැව මධ්‍ය මහා විද්‍යාලයේ  දරුවන් දැන් මේ පාසල් කෘෂි ගෙවත්තෙ අස්වනු නෙළන්නත් ලෑස්තියි. 

පුංචි අතපය , වෙහෙසලා දැනුම බුද්ධියත් එකට කැටිකර ගෙන මේ ගෙවත්ත සාර්ථකව කර ගෙන යද්දි  හෙවනැල්ල වගේ පිටුපසින් ඉදගෙන දරුවන්ට දිරි දුන්න විදුහල්පති ඇතුළු ගුරු බවතුනුන් පැසසිය යුතුයි. 

ගලෙන්බිඳුණූවැව වගේ  වියලි කලාපයේ  පිහිටි මෙම පාසල් ගෙවත්තෙ  නුවරඑළියට ම ආවේණිකයි කියන, කැරට්, බීට්, ලීක්ස්, අර්තාපල්, නෝකොල්, ගෝවා, සලාද වර්ගත් සරුවට වැවිලා

වස විස සහිත රට බෙහෙත් පොහොර කිසිවක් නැති  වගාවන්ට අවශ්‍ය  කාබණික යෙදවුම් පාසලේදීම සකස් කරගන්නෙත්  මේ දරු දැරියන්මයි..

ගංගා , ඇළ දොළ සපිරිණු, මේ සිරි ලක් දෙරණේ, අනාගත උරුමයට හිමිකම් කියන මෙවැනි දරු දැරියන් අපේ රටේ අනාගතයට සුබ ලකුණක් බව කිව යුතුවමයි.