රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, ඒ අනුව සිය විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
රුපියල් ලක්ෂයට වැඩි මාසික ආදයමක් ලබන පුද්ගලයෙකුගෙන් ජනවාරි මාසයේ සිට 6% සිට 36% දක්වා බදු අය කිරීමේ ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් හා ජනාධිපතිවරයා අතර අද (25) ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණි.
ඊට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වරාය, විදුලිය, ජල සම්පාදන, බැංකු, ඛණිජ තෙල්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිය සමිති 40ක වෘත්තීයවේදීන් එක්ව සිටියහ.