COLOMBO (News 1st) - ලෝක දේශගුණ ක්‍රියාකාරී සමුළුවේ නායකයින්ගේ උත්සවයට පැමිණෙන්නැයි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහ්යාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබේ.
එම උත්සවය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, 52 වැනි ජාතික දින සැමරුම් උළෙලට සමගාමීව පැවැත්වීමට නියමිතයි.
ලබන දෙසැම්බර් 1 සහ 2 දෙදින තුළ එය පැවැත්වීමට සැලසුම් කර ඇත.