බොතලාපිටියේදී මහවැලි ගඟේ ගිලී සිසුවෙක් මිය යයි

බොතලාපිටියේදී මහවැලි ගඟේ ගිලී සිසුවෙක් මිය යයි

by Staff writer 30-05-2023 | 3:10 PM

COLOMBO (News 1st) - ගම්පොල, බොතලාපිටිය ප්‍රදේශයේදී මහවැලි ගඟේ දියනෑමට ගිය සිසුවෙකු දියගිලී මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ,දියේ ගිලී බරපතල තත්ත්වයෙන් පසුවූ  දරුවා ගම්පොල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.

මියගොස් ඇත්තේ 15 හැවිරිදි, ගම්පොල කහටපිටිය පදිංචිකරුවෙකි.