මෝටර් රථයක් සොරකම්කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මෝටර් රථයක් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

by Staff writer 30-05-2023 | 3:02 PM

COLOMBO (News 1st) - තලවතුගොඩ ප්‍රදේශයේ මෝටර් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මෝටර් රථය, ජංගම දුරකතන 02ක්, සිම් කාඩ්පත් කිහිපයක්, මෝටර් රථය පණගැන්වීමට භාවිත කළ යන්ත්‍රයක් සහ සැකකරුවන් පැමිණි මෝටර් රථය ද, සැකකරුවන් සමග සිය භාරයට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 හා 39 වයස්වල පසුවන තිහගොඩ හා කඩුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් .

සැකකරුවන් අද (30) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ මෝටර් රථය පසුගිය සෙනසුරාදා සොරකම් කර තිබූ බව පොලීසිය සඳහන් කළේ ය.