විෂ මාළු වර්ගයක් ආහාරයට ගත් කාන්තාවක් මියයයි

විෂ සහිත මත්ස්‍ය වර්ගයක් ආහාරයට ගත් කාන්තාවක් මියයයි

by Staff writer 09-06-2023 | 7:23 PM

COLOMBO (News 1st) – කලවංචිකුඩි ප්‍රදේශයේදී විෂ සහිත මත්ස්‍ය වර්ගයක් අනුභව කිරීමෙන් කාන්තාවක මියගොස් තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, අදාළ මත්ස්‍ය වර්ගය අනුභව කළ මියගිය කාන්තාවගේ මව ද අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති බවයි.

මියගොස් ඇති දියණියගේ වයස අවුරුදු 27 කි.