නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, නිමේෂ් හේරත් මහතා සඳහන් කළේ ,මේ යටතේ ජනාධිපති මන්දිරයට අමතරව ජනාධිපති කාර්යාලය, අග්රාමාත්ය කාර්යාලය, අරලියගහ මන්දිරය, කැබිනට් මණ්ඩල ලේකම් කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්යංශය යන ආයතන ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ ආශ්රිතව ස්ථානගත කිරීමට සැලසුම් කරමින් ඇති බවයි.
ඊට අදාළ ආරක්ෂක තත්ත්ව වාර්තා ද සලකා බලමින් ඇතැයි, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ ය.
ඔහු සඳහන් කළේ කොළඹ නගරයේ පිහිටි වාණිජ වටිනාකමක් ඇති පෞරාණික ගොඩනැගිලි සංචාරක ආකර්ෂණිය ස්ථාන ලෙස සංවර්ධන කිරීමේ අරමුණින් එම වැඩසටහන ක්රියාත්මක බවයි.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් සමග සාකච්ජා වට කිහිපයක් පැවැත්වූ බව ද, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ ය.