අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ, ඔහු ඊයේ (14) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගිය බවයි.
7 වැනි චීන - දකුණු ආසියානු ප්‍රදර්ශනයේ සහ 27 වැනි චයිනා කුන්මිං ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍යවරයා සහභාගි වීමට නියමිතය.
චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන් ප්‍රාන්ත රජය එක්ව එය සංවිධානය කරයි.
ප්‍රදර්ශනය හෙට (16) සිට ලබන 20 වැනි දා දක්වා චීනයේ කුන්මිං හිදී පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසීය.
පොදු සංවර්ධනය සඳහා සහයෝගීතාවය සහ සම්බන්ධීකරණය යන තේමාව යටතේ ප්‍රදර්ශනය පැවැත්වේ.
මෙම ප්‍රදර්ශනය සඳහා රටවල් 60ක නියෝජිතයින් සහභාගී වීමට නියමත අතර සියලුම දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් සහ කලාපීය පුළුල් ආර්ථික සහයෝගීතා සාමාජික රටවල් ඊට ඇතුළත් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරුන් වන තාරක බාලසූරිය, ජානක වක්කුඹුර, කනක හේරත් ඇතුළු පිරිසක් මේ සංචාරයට එක්ව සිටි.