COLOMBO (News 1st) – මේ දිනවල ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇති 2023 - ලෝක ශූරයින්ට හිමිවන ක්‍රිකට් ලෝක කුසලානය MTV/MBC මූලස්ථාන පරිශ්‍රයට රැගෙනවිත් තිබේ.
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ, සිරස මාධ්‍ය ජාලයටයි.
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසාලාන තරගාවලිය ඔක්තෝබර් 05 වැනිදා ඉන්දියාවේදී ඇරඹෙන අතර ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ඔක්තෝබර් 07 වැනිදා පැවැත්වේ.
ක්‍රිකට් ලෝක ශූරයින්ට හිමිවන කුසලානය ලොව පුරා රැගෙන යන චාරිකාව පසුගිය ජූනි මාසයේදී ආරම්භ වූයේ අඩි එක්ලක්ෂ විසි දහසක් ඉහළ අහසේදීයි.
ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ ඉහළ අහසේ සිට එම කුසලානය ලොව පුරා විවිධ රටවලට රැගෙන ගියේ ය.
නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, පැපුවානිව්ගිනි, අමෙරිකාව, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, මැද පෙරදිග කලාපය, මලයාසියාව, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසකට කුසලානය රැගෙන ගියා.
ලොව පුරා නගර 20කට මෙම කුසලානය රැගෙන යාමට නියමිතයි.