අඩුබර පාන් සොයා අද සිට වැටලීම්...

අඩුබර පාන් සොයා අද සිට වැටලීම් - නලින් ප්‍රනාන්දු

by Staff writer 05-02-2024 | 10:50 AM

COLOMBO (News 1st) – අඩුබර පාන් සොයා අද(05) සිට වැටලීම් ආරම්භ කරන බව වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, පාරිභෝගික නිලධාරින් හා කිරුම් මිරුම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම කටයුතු සිදුකරනු ඇති බවයි.

පාන් ගෙඩියක නියමිත බර හා එහි මිල ප්‍රදර්ශනය අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය.

එහි දැක්වුණේ පාන් ගෙඩියක නියමිත බර 450g ක් විය යුතු බවයි.

පාන් භාගයක නියමිත බර සටහන් විය යුත්තේ 225g ක් ලෙසයි.

පාන් ගෙඩියක් නිශ්චිතවම 450g ට නිෂ්පාදනයට නොහැකි වීම සැලකිල්ලට ගෙන එහි බර ග්‍රෑම් 13.5 කින් අඩුවීම සැලකිල්ලට නොගන්නා බවද එම ගැසට් පත්‍රයේ දැක්වෙයි