ජුලි 28 වැනිදා දක්වා ක්‍රියාත්මක තරගාවලියේ සියලු තරග පැවැත්වෙන්නේ, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.
තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් 8ක් සහභාගී වේ.
කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක තරගාවලියේ A කාණ්ඩයෙන් ක්‍රීඩා කරන්නේ ඉන්දියාව , පකිස්ථානය , එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ නේපාලයයි.
සත්කාරක ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් ක්‍රීඩා කරන අතර,බංග්ලාදේශය , මලයාසියාව , තායිලන්තය එම කාණ්ඩයට ඇතුළත් අනෙක් රටවල් වේ.
ජුලි 20 වැනිදා සත්කාරක ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශ එරෙහිව පැවැත්වීමට නියමිතය.