ශ්‍රීලනිප අර්බුදය ගැන සාකච්ඡාවට රැස්වීමක් අද..

ශ්‍රීලනිප අර්බුදය ගැන සාකච්ඡාවට තවත් රැස්වීමක් අද..

by Staff writer 25-04-2024 | 7:45 AM

COLOMBO (News 1st) -  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් සාකච්චා කිරීම සඳහා රැස්වීමක් අද(25) පස්වරුවේ පැවැත්වෙයි.

ඒ, කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා පැවසුවේ, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරුන්ට මේ සදහා ආරාධනා කර ඇති බවයි.

පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී තීරණය කරන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.‍