අමෙ. රාජ්‍ය ලේකම් සෞදි ඔටුන්න හිමි කුමරු හමුවෙයි

අමෙරිකානු රාජ්‍ය ලේකම් සෞදි ඔටුන්න හිමි කුමරු හමුවෙයි

by Staff writer 30-04-2024 | 7:51 AM

COLOMBO (News 1st) - අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බිලින්කන් සහ සෞදියේ ඔටුන්න හිමි කුමරු අතර හමුවක් සිදුව තිබේ.

ඒ, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මැදපෙරදිග සංචාරයට සමගාමීවයි.

හමුවේදී කලාපයේ ආතතීන් අවම කිරීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කළ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ය.

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එහිදී අවධාරණය කර ඇත්තේ, ගැටුම තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ක්ෂණික සටන් විරාමයකට එළඹීමේ අවශ්‍යතාවයයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්, මැදපෙරදිග සංචාරයක් ආරම්භ කළේ ය.

ඔහුගේ පළමු නැවතුම වුයේ, සෞදි අරාබියයි.

ඉන් අනතුරුව ජෝදානය සහ ඊශ්‍රායලයේ ඔහු සංචාරය කරනු ඇති.

ගාසා තීරයේ සටන් විරාමක් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ඔහු එම සංචාරයේදී කලාපීය හවුල්කරුවන් සමග සාකච්ඡා කිරීමට ද නියමිතය.