හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

මැයි දිනය වෙනුවෙන් හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

by Staff writer 30-04-2024 | 11:56 AM

COLOMBO (News 1st) - මැයි දිනය වෙනුවෙන් හෙට (01) කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

කොළඹ නාගරික රථවාහන පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා පැවසුවේ, ඒ වෙනුවෙන් රථවාහන රාජකාරි සඳහා නිලධාරීන් 1200 කට ආසන්න පිරිසක් යොදවා ඇති බවයි.

අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට හෙට පෙරවරු 11.00 න් පසු කොළඹ මාර්ගයවලට පැමිණීමෙන් වළකින ලෙස ද ඔහු ජනතාවට දැනුම් දෙයි.

මැයි දිනයේ ආරක්ෂාව සඳහා අද සිට කොළඹ නගරය ඇතුළු රැළි පැවැත්වෙන ප්‍රදේශවල ආරක්ෂාව තරකර ඇති බව පොලීසිය පවසයි.