ලෝක කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ඒ වෙනුවෙන් සියලුදෙනා සාමුහිකත්වයෙන් වැඩ කළ යුතු බවයි.
පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ වඩාත් අභියෝගයට ලක් වූයේ ද මෙරට කම්කරු ජනතාව බව ජනාධිපතිවරයා සිහිපත් කරනු ඇත.
ජනාධිපතිවරයා පැවසුවේ, නොසැලී සියල්ල විඳ දරා ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන සමස්ත කම්කරු ජනතාවට ස්තූතිය පුද කරන බවයි.
සාම්ප්‍රදායික මැයි දින සැමරුමකට සීමා නොවී නූතන ප්‍රවණතා සහ අභියෝග හඳුනා ගනිමින් රට දිනවීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට එළැඹීමට මෙවර මැයි දින සැමරුම අවස්ථාවක් කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේ ය.
මේ අතර කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පැවසුවේ, මෙවර අප එය සමරනුයේ වැඩබිම ද අභියෝගයන් රැසකට ලක්වූ ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ ආර්ථික අර්බුදයක තීරණාත්මක සටහන් මත බවයි.
එහෙත් කිසිදු ගිවිසුමක් හමුවේ කම්කරු අයිතීන් නොසලකා හැරීමට කටයුතු නොකළ බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ අතර ඊනියා රැළිවලට නොරැවටී රටේ සමස්ත ජනතාව දෙපයින් නගාසිටුවිය හැකි වගකීම් සහගත පාලනයක් ගොඩනැගීමේ වගකීම අප සතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සිය කම්කරු දින පණිවුඩයෙන් විපක්ෂ නායකවරයා පැවසුවේ, මේ වසරේ සියලු දෙනා එක් වී ජනතාව පීඩාවට පත් කරන දුර්දාන්ත ආණ්ඩුව පළවා හැර ජනහිතකාමී, ජනතාව වෙනුවෙන් කැපවෙන ආණ්ඩුවක් සහ නායකයෙක් පත් කර රටක් ලෙස නැවතත් නැගී සිටීමට කාලය එළැඹ ඇති බවයි.