ඩිසල් මිල අඩු වුවත් බස් ගාස්තු අඩු කරන්න බැහැ

ඩිසල් මිල අඩු වුවත් බස් ගාස්තු අඩු කරන්න බැහැ.. - බස් සංගම්වලින් ප්‍රකාශයක්

by Staff writer 01-05-2024 | 6:19 AM

COLOMBO (News 1st) - ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරදි සියලු ඉන්ධන මිල ගණන් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩුවීමක් කළ නොහැකි බව බස් හිමියන් පවසයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, එවැනි අඩු කිරීමක් කළ හැක්කේ ජූලි මාසයේදී බවයි.