අමෙරිකාවත් පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා පිල

අමෙරිකාවත් පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ Semi Final ප්‍රතිවාදියා UAE

by Staff writer 04-05-2024 | 6:44 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන්  පූර්ව වටයට පිවිස තිබේ.

ඒ, අමෙරිකා කාන්තා කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 18කින් ජය ගනිමිනි.

අබුඩාබිහී ට්‍රොලෙරෙන්ස් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 4ක් දැවී ලකුණු 123ක් රැස් කළාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමෙරිකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 105ක් පමණි.

චමරි අතපත්තු තම පන්දුවාර 4 අවසානයේ ලකුණු 14කට කඩුලු 3ක් බිඳ හෙලුවාය.

අවසන් පුර්ව වටයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන තරගය හෙට පැවැත්වීමට නියමිතයි. 

ඒ, එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිවයි.