ආසියානු රග්බි පළමු කොටසේ ශූරතාවය ශ්‍රී ලංකාවට

කසක්ස්ථානය පරාජය කළ ශ්‍රී ලංකාව ආසියානු රග්බි පළමු කොටසේ ශූරතාව දිනා ගනී.

by Staff writer 05-05-2024 | 7:06 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව ආසියානු රග්බි පළමු කොටසේ ශූරතාවය දිනා ගත්තේ ය.

ඒ  අවසන් මහා තරගයේදී කසක්ස්ථානය පරාජය කරමිනි.

ආසියානු රග්බි පළමු කොටසේ ශූරතාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති අතර තරගාවලියේ  අවසන් තරග ඊයේ ක්‍රියාත්මක වූයේ කොළඹ තුරඟ තරග පිටියේදී යි

මෙලෙස ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මට්ටමේ රග්බි තරගාවලියක් පැවැත්වූයේ වසර 11කට පසුවීම විශේෂත්වයකි.

තරගාවලියේ තුන්වැනිස්ථානය සඳහා පැවැති තරගය ඉන්දියාව පරාජය කරමින් කටාර් කණ්ඩායම ලකුණු 34ට 25ක් ලෙස ජය ගත්තේ ය.

ශ්‍රී ලංකාව සහ කසක්ස්ථානය අතර අවසන් මහා තරගය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්ව සිටියහ.

තරගයේ පළමු අර්ධයේදී , තරගය තම ග්‍රහණයට ගැනීමට සත්කාරක ශ්‍රී ලංකාව සමත් විය.

ඒ ප්‍රතිවාදී කසක්ස්ථානය ක්‍රීඩකයින්ට ලකුණකට හෝ අවසර නොදෙමිණි.

ශ්‍රී ලංකාව පළමු අර්ධය ලකුණු 31ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකාව තවත් ලකුණු 14ක් රැස් කළ අතර ප්‍රතිවාදී කසක්ස්ථානයට එම අර්ධය තුළදී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 7ක් පමණි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 7ක් සහ ප්‍රවර්තන 5ක් මගින් ලකුණු රැස් කළ අතර කසක්ස්ථානය ලකුණු රැස් කළේ, උත්සාහක දිනුමක් සහ ප්‍රවර්තනයක් මගින්.

ඒ අනුව ලකුණු 45ට 7ක් ලෙස ශ්‍රී ලංකාව අවසන් මහා තරගය ජය ගත්තේ ය.