යුක්‍රේන ජනපති, රුසියාවේ අපරාධකරුවෙක් කරයි

රුසියාව, යුක්‍රේන ජනාධිපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරයි...

by Staff writer 05-05-2024 | 2:34 PM

COLOMBO (News 1st) - රුසියාව, යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි, අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති බවයි.

රුසියාව මීට පෙර ද, යුරෝපා රටවල දේශපාලඥයින් සහ නිලධාරීන් රැසක් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළේ ය.

ඊට අමතරව විලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ, ජාත්‍යන්තර යුධ අධිකරණයේ ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට ද රුසියාව පසුගිය වසරේ වරෙන්තු නිකුත් කරනු ලැබුවේ ය.