2022 සා/පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙ⁣රේ

2022 සා/පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙ⁣රේ

by Staff writer 05-05-2024 | 7:08 AM

COLOMBO (News 1st) - 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

www.doenets.lk හෝ  www.results.exams.gov.lk වෙබ් අඩවිවලින් නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබාගත හැකියි.

මෙවර නැවත සමීක්ෂණ සඳහා අපි අයැදුම් කර තිබූ සිසුන් සංඛ්‍යාව  49,312 ක්.

පිළිතුරු පත්‍ර දෙලක්ෂ පනස්දහස් තුන්සිය එකොළහක් නැවත සමීක්ෂණයට ලක් කළ බව, විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

0112 784 537, 0112 784 208, 0113 188 350 සහ 0113 140 314 යන දුරකතන අංක හරහා ඒ පිළිබඳ විමසීම් කළ හැකියි.