2024 ඡන්ද හිමි නාම ලේඛනය

2024 ඡන්ද හිමි නාම ලේඛනය: විරෝධතා ගොනු කිරීමට තිබූ කාලට හෙට අවසන්...

by Staff writer 05-05-2024 | 8:13 AM

COLOMBO (News 1st) - 2024 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් හිමිකම් සහ විරෝධතා ගොනු කිරීමට දී තිබූ කාලය, හෙටින් අවසන් වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ, එය නැවත දීර්ඝ කිරීමක් නොකරන බවයි.

ඒ අනුව ග්‍රාම නිලධාරීවරුන් හරහා ඒ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි වනවා.

ඊට අමතරව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහා ද ඒ සඳහා අයැදුම් කළ හැකියි.

මේ අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාව ලබන අඟහරුවාදා රැස්වෙයි.

එහිදී කොමිසමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව, ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ ය.