'මන්නා රමේෂ්' අත්අඩංගුවට

'මන්නා රමේෂ්' කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

by Staff writer 07-05-2024 | 5:51 AM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රමේෂ් ප්‍රියජනක නොහොත් මන්නා රමේෂ් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීයි.

පොලීසිය පැවසුවේ, ඩුබායි රාජ්‍යයේහි රැඳි සිටි සැකකරු අද අලුයම දිවයිනට රැගෙන ආ බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් මන්නා රමේෂ් නැමැත්තා මෙරටට රැගෙන එනු ලැබීය.

සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.