ඛනිජ තෙල් නිෂ්පාදන පනතේ නියෝග කිහිපයක් විවාදයට

ඛනිජ තෙල් නිෂ්පාදන විධිවිධාන පනතේ නියෝග කිහිපයක් අද පාර්ලිමේන්තුවේ විවාදයට

by Staff writer 08-05-2024 | 5:52 AM

COLOMBO (News 1st) - ඛනිජ තෙල් නිෂ්පාදන විධිවිධාන පනත යටතේ නියෝග කිහිපයක් අද (08) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත වේ.

මීට අමතරව රාජ්‍ය තාත්ත්‍රික වරප්‍රසාද යටතේ නිකුත් කළ ගැසට් පත්‍රයක ඇති නියෝග කිහිපයක් ද විවාදයට ගැණෙනු ඇති.

ඒ සඳහා අද පෙරවරු 9.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.