''Health on Wheels'' රථ 3ක් මෙරටට...

ජපානය සහ එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදල "හෙල්ත් ඔන් වීල්ස්" ට්‍රක් රථ 3ක් මෙරටට පරිත්‍යාග කරයි

by Staff writer 08-05-2024 | 4:53 PM

COLOMBO (News 1st) - ''හෙල්ත් ඔන් වීල්ස්'' ට්‍රක් රථ 3ක් මෙරටට ලබා දීමට ජපන් රජය පසුගියදා කටයුතු කළේ ය.

එක්සත්  ජාතින්ගේ ජනගහන අරමුලේ (UNFPA) ව්‍යාපෘතියක් ලෙස සිදුවන මෙම කාර්යය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ ජපන් රජයයි.

ට්‍රක් රථ 3න  මෙරටට නිලවශයෙන් භාර දීම පසුගියදා, සේරම් පෙදෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේදී  සිදුවිය.

මෙම ට්‍රක් රථ තුන අමෙරිකානු ඩොලර් 380.000 වටිනාකමකින් යුක්තයි.

ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල  සෞඛ්ය  සේවා බාධාවකින් තොරව සැපයීම 
මෙම ට්‍රක් රථ මෙරටට ලබා දීමේ අරමුණයි.

"Health on Wheel" යනු අත්‍යවශ්‍ය මාතෘ,අලුත උපන් සහ නාරිවේද සේවා සැපයීම සඳහා නිර්මාණය කර ඇති ජංගම සෞඛ්‍ය ඒකකයකින් යුතු රථ විශේෂයක්.