උතුරු මැද රෝහල් සේවකයින් අද වර්ජනයක...

උතුරු මැද රෝහල් සේවකයින් අද වර්ජනයක...

by Staff writer 09-05-2024 | 7:28 AM

COLOMBO (News 1st) - සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් අද (09) උතුරුමැද පළාතේ සියලු රජයේ රෝහල්වල වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. 

ඒ, ආර්ථික යුක්තිය ඉටු කිරීමට අදාළව ඉදිරිපත් කළ ඉල්ලීම්වලට සෞඛ්‍ය අමාත්‍යාංශය විසඳුම් ලබා දෙන බව ප්‍රකාශකලත් එය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පල කරමිනි.

හෙද නිලධාරීන්, මහජන පරීක්ෂකවරුන්, රසායානාගාර ශිල්පීන්, විකිරණ තාක්ෂණවේදීන්, ඖෂධවේදීන් ඇතුලු වෘත්තීය සමිති 72 ක සාමාජිකයින් ඊට අතුලත්.

ඒ අනුව උදෑසන 8 සිට දහවල් 12 දක්වා උතුරුමැද පළාතේ සියළු රජයේ රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බව, සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේ ය.

13 වැනිදා මධ්‍යම පළාතේත්, 14 වැනිදා සබරගමුව පළාතේ රජයේ රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.