පුද්ගලයෙකුට මරු කැඳවූ අහුංගල්ලේ වෙඩි තැබීම

පුද්ගලයෙකුට මරු කැඳවූ අහුංගල්ලේ වෙඩි තැබීම

by Staff writer 09-05-2024 | 7:26 AM

COLOMBO (News 1st) - අහුංගල්ල, බෝගහපිටිය ලෝකන්වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි. 

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඩුබායිහි සිටින නදී ෆාබෲ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ පියා එලෙස වෙඩි තබා ඝාතනය කර ඇතැයි, පොලිසිය ප්‍රකාශ කළේ ය. 

මිය ගිය පුද්ගලයාගේ වයස අවුරුදු 54 ක් 

පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.