ජනපතිවරණය සැප්.17ත් ඔක්.16ත් අතර දිනක දී...

සැප්.17ත් ඔක්.16ත් අතර ජනාධිපතිවරණය පවත්වනවා - මැතිවරණ කොමිසම

by Haindu Gihan 09-05-2024 | 1:42 PM

COLOMBO (News 1st) - තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 ත් ඔක්තෝම්බර් 16 ත් අතර පවත්වන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් මැතිරවරණ කොමිසම පවසන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා 1981 අංක 15 දරණ ජනාධිපතිරවයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ දැක්වෙන විධිවිධානවලට යටත්ව  නියමිත කාලය තුළදී නාම යෝජනා කැඳවන බවයි.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ  නිවේදනයක මේ බව සඳහන් වේ.