ඩයනාගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුනට මුජිබුර්..

ඩයනාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුනේ මුජිබුර් රහුමාන් දිවුරුම් දෙයි..

by Staff writer 10-05-2024 | 1:40 PM

COLOMBO (News 1st) - මුජිබුර් රහුමාන් මහතා අද(10) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ ය.

ඒ, කතානායන මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදී ය. 

මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස තෝරා පත් කර ගත් බව ඊයේ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළේ ය.  

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත් සමග එම මන්ත්‍රි ධුරය පුරප්පාඩු විය.