බැසිල් හා ජනපති අතර තවත් හමුවක්...

බැසිල් හා ජනපති අතර තවත් හමුවක්.....පොහොට්ටුුවේ ජනපතිවරණ මෙහෙයුමත් අද ඇරඹෙයි.

by Staff writer 10-05-2024 | 6:42 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් සාකච්ඡාවක් ඊයේ(10) රාත්‍රි පැවැත්විණ.

ඔවුන් දෙදෙනා අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පැවති 6 වැනි සාකච්ඡාව එයයි.

එහිදි සාකච්ඡා වූ කරුණු පිළිබඳ අද මාධ්‍යට දැනුම් දෙන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ ය.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ජනාධිපතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය අද විවෘත කෙරේ. 

ඒ බත්තරමුල්ල රජමල් වත්තේදී ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ මීට සමාගමීව ආසන මට්ටමින්ද ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාල විවෘත කරන බවයි.

ඉදිරි ජනාධිපතිවරණය ඉල්ලක්ක කර ගනිමින් පුළුල් ප්‍රචාරක යාන්ත්‍රණයක් සකස් කර ඇති බවද පොදුජන පෙරමුණ සඳහන් කළේ ය.