නිව්යෝර්ක්හි නාසා කවුන්ටි ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ වුණේ වර්ෂාව නිසා සිදුවූ ප්‍රමාදයකින් අනතුරුවයි.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19ක් තුළ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 119කි.
රිෂාබ් පාන්ට් ලකුණු 42කි.
නසීම් ශා සහ හාරිස් රවුෆ් අතර කඩුලු 3 බැගින් බෙදී ගියේ ය.
ලකුණු 120ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20තුළ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 113ක් පමණයි.
මොහොමඩ් රිස්වාන් ලකුණු 31ක් රැස් කළේ ය.
ජස්ප්‍රිට් බූම්රා ලකුණු 14ට කඩුලු 3කි.
තරගාවලියේ සියලු තරග MTV මාධ්‍ය ජාලයේ සිරස TV , TV1 සහ www.sirasa tv.lk වෙඩ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.